කාබනික රසායනය, රසායන විද්‍යාව

කාබනික රසායනය 11 – කාබොක්සිලික් අම්ල නාමකරණය

කාබොක්සිලික් අම්ල යනුවෙන් හඳුවන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ලෙස -COOH කාණ්ඩය (කාබොක්සිලික් අම්ල කාණ්ඩය) පවතින කාබනික සංයෝග ය. කාබොක්සිලික් අම්ලයක නාමය අවසන් වන ප්‍රත්‍ය නාමය වනුයේ -oic acid ප්‍රත්‍යය යි. මෙහිදී oic acid යන වචන යුගලය එක් අකුරක හිස්තැනකින් වෙන්ව තිබිය යුතු ය. නාමය ලිවීමේ දී කාබොක්සලික් අම්ල කාණ්ඩය පවතින ස්ථානය දැක්වීමට අවශ්‍ය නැත. සෑම විටම… Continue reading කාබනික රසායනය 11 – කාබොක්සිලික් අම්ල නාමකරණය

Advertisements
කාබනික රසායනය, රසායන විද්‍යාව

කාබනික රසායනය 10 – කීටෝන නාමකරණය

කීටෝන යනු ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ලෙස >C=O කාණ්ඩය පවතින කාබනික සංයෝග ය. කීටෝන නාමකරණයේදී නාමය අවසන් වන්නේ -one ප්‍රත්‍යයෙනි. කීටෝන කාණ්ඩ එකකට වඩා පවතින අවස්ථා වලදී එම කාණ්ඩ සංඛ්‍යාව අනුව, කීටෝන කාණ්ඩ දෙකක් පවතියි නම් -dione ලෙස ද, කීටෝන කාණ්ඩ තුනක් පවතියි නම් -trione ලෙස ද නාමය අවසන් වේ. සෑම අවස්ථාවක දී ම කීටෝන කාණ්ඩ/ය… Continue reading කාබනික රසායනය 10 – කීටෝන නාමකරණය

ජීව විද්‍යාව, ජීව විද්‍යාව පුනරීක්ෂණ, බහුවරණ ප්‍රශ්න

ජීව විද්‍යාව පුනරීක්ෂණ – ජීවයේ රසායනික සහ සෛලීය පදනම (4)

බහුවරණ ප්‍රශ්න ජීවය සඳහා ජලයේ වැදගත්කම ජීවී ද්‍රව්‍යයෙහි අඩංගු ප්‍රධාන කාබනික සංයෝග

කාබනික රසායනය, රසායන විද්‍යාව

කාබනික රසායනය 9 – ඇල්ඩිහයිඩ නාමකරණය

ඇල්ඩිහයිඩ යනු ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ලෙස -CHO කාණ්ඩය පවතින කාබනික සංයෝග ය. ඇල්ඩිහයිඩයක් නාමකරණයේ දී නාමය අවසන් වන්නේ -al ප්‍රත්‍යයෙනි. මෙහිදී ඇල්ඩිහයිඩ කාණ්ඩය (-CHO) පවතින ස්ථානය, ප්‍රත්‍යයට ඉදිරියෙන් දැක්වීම අවශ්‍ය නැත. එය සෑම විටම ප්‍රධාන කාබන් දාමයේ එක් කෙලවරක පවතින නිසා ඇල්ඩිහයිඩ කාණ්ඩය අඩංගු කාබන් පරමාණුව සෑම විටම පළමු කාබන් පරමාණුව වේ. ප්‍රධාන කාබන් දාමය… Continue reading කාබනික රසායනය 9 – ඇල්ඩිහයිඩ නාමකරණය

කාබනික රසායනය, රසායන විද්‍යාව

කාබනික රසායනය 8 – ඇල්කොහොල නාමකරණය

ඇල්කොහොල යනු ප්‍රමුඛතම ක්‍රියාකාරී කාණ්ඩය ලෙස -OH (හයිඩ්‍රොක්සිල්) කාණ්ඩය පවතින කාබනික සංයෝග ය. ඇල්කොහොල නාමකරණයේ දී එම නාමය -ol ප්‍රත්‍යයෙන් අවසන් වේ. එහිදී සංයෝගයේ -OH කාණ්ඩ දෙකක් ඇත්නම් -diol ලෙස ද, -OH කාණ්ඩ තුනක් ඇත්නම් -triol ලෙස ද නාමය අවසන් වේ. මෙහිදී හයිඩ්‍රොක්සිල් කාණ්ඩ පවතින ස්ථාන (සම්බන්ධ වී ඇති කාබන් පරමාණුවල අංක) ප්‍රත්‍යයට ඉදිරියෙන් යෙදිය… Continue reading කාබනික රසායනය 8 – ඇල්කොහොල නාමකරණය

ජීව විද්‍යාව, ජීව විද්‍යාව පුනරීක්ෂණ, බහුවරණ ප්‍රශ්න

ජීව විද්‍යාව පුනරීක්ෂණ – ජීවයේ රසායනික සහ සෛලීය පදනම (3)

ජීවී දේහයේ මූලද්‍රව්‍ය සංයුතිය මෙවර ජීව විද්‍යාව පුනරීක්ෂණ ප්‍රශ්න මාලාව පෙරට වඩා අන්‍යෝනය ක්‍රියාකාරීත්වයකින් යුතුව ඔබට සහභාගී විය හැකි පරිදි ඉදිරිපත් කිරීමට තීරණය කළෙමි. පහත දැක්වෙන බහුවරණ ප්‍රශ්න සියල්ල සඳහා මෙහි ම පිළිතුරු සැපයිය හැක. පිළිතුරු සැපයීමෙන් පසුව නිවැරදි පිළිතුරු සඳහා විවරණ ද බහුවරණ ප්‍රශ්නය තුල ඉදිරිපත් කෙරෙනු ඇත. උත්සාහ කර බලන්න. බහුවරණ ප්‍රශ්න

ජීව විද්‍යාව, ජීව විද්‍යාව පුනරීක්ෂණ, බහුවරණ ප්‍රශ්න

ජීව විද්‍යාව පුනරීක්ෂණ – ජීව විද්‍යාව හැඳින්වීම

Download PDF :- ජීව විද්‍යාව පුනරීක්ෂණ බහුවරණ – ජීව විද්‍යාව හැඳින්වීම * පහත සඳහන් බහුවරණ ප්‍රශ්න සඳහා වඩාත්ම ගැලපෙන පිළිතුර තෝරන්න. 1. ඔබගේ පාසලේ සිටින සියළුම ජීවීන් එක්ව ගත් කළ, (1) පරිසර පද්ධතියකි (2) ගහනයකි (3) ප්‍රජාවකි (4) පරීක්ෂණ නියැදියකි (5) වර්ගීකරණ මට්ටමකි 2. තනි ජීවියෙකුගේ සිට පහලට ජෛව සංවිධානයේ ධූරාවලි මට්ටම් අනුපිළිවෙලට අනුකූලව නිවැරදි… Continue reading ජීව විද්‍යාව පුනරීක්ෂණ – ජීව විද්‍යාව හැඳින්වීම