ජීව විද්‍යාව කෙටි සටහන්

ජීවීන් සතු ලාක්ෂණික ගතිගුණ (ජීව විද්‍යාව කෙටි සටහන් – ඒකකය 1.3)

මේ ආකාරයේ විවිධත්වයකින් යුතු වූ ජීවී ලෝකයේ ලක්ෂණ මොනවාද? ජීව විද්‍යාඥයින් විසින් ජීවින් සතු ලාක්ෂණික ගතිගුණ 7 ක් ඉදිරිපත් කර ඇත. මෙවා ලාක්ෂණික වීමට හේතුව නම් මෙම ලක්ෂණ සියල්ල එකවර ජීවීන් තුළ පමණක් දැකගත හැක් වීමයි. ඒ ලක්ෂණ නම්,

  1. ක්‍රමවත්බව හා සංවිධානය
  2. පරිවෘත්තිය
  3. වර්ධනය හා විකසනය
  4. උද්දීප්‍යතාව හා සමායෝජනය
  5. අනුවර්තනය
  6. ප්‍රජනනය
  7. ආවේණිය සහ පරිණාමය
  1. ක්‍රමවත්බව හා සංවිධානය
  • සෛලීය මට්ටමේ සිට ජෛව ගෝලය දක්වා ක්‍රමවත්බවක් හා සංවිධානයක් ඇත.
  • ජෛව විද්‍යාත්මක ක්‍රියාවලීන් උපරිම කාර්‍යක්ෂමතාවයකින් පවත්වාගැනීම සඳහා මෙය උපකාරී වේ.
  1. පරිවෘත්තිය
  • පරිවෘත්තිය යනු, “ජීවීන් තුල සිදුවන සමස්ථ රසායනික ක්‍රියාවලි වල සමස්ථය යි.”
  • පරිවෘත්තිය කොටස් දෙකකි.
    • සංවෘත්තිය – ශක්තිය ලබා ගනිමින් සරල අණු වලින් සංකීර්ණ මහා අණු සංස්ලේෂණය කිරීම
      • උදා :- ප්‍රභාසංස්ලේෂණය
    • අපවෘත්තිය – ශක්තිය පිට කරමින් මහා අණු, කුඩා සරල අණු බවට බිඳ හෙලීම
      • උදා :- ස්වායු ස්වසනය
  1. වර්ධනය හා විකසනය
  • ඕනෑම ජීවියෙකුගේ ජීවිතය ආරම්භ වන්නේ තනි සෛලයකිනි.
  • වර්ධනය යනු, “අප්‍රතිවර්ත්‍ය ලෙස සිදු වන වියලි බරෙහි වැඩි වීමයි”
  • විකසනය යනු, “ජීවීයෙකුගේ ජීවිත කාලය තුල සිදුවන සියළුම අප්‍රතිවර්තීය වෙනස් වීම් ය.”
  • වර්ධනය හා විකසනය එකිනෙකට අනුගාමී ක්‍රියාවලි දෙකකි.

shutterstock_162736967

  1. උද්දීප්‍යතාව සහ සමායෝජනය
  • උද්දීප්‍යතාව යනු, “බාහිර සහ අභ්‍යන්තර පරිසර වලින් පැමිණෙන උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව යි.”
  • සමායෝජනය යනු, “යම් කෘත්‍යයක් ඉටුකිරීම උදෙසා සිරුරේ විවිධ අවයව සහ පද්ධති අතර සිදුවන අනකූල ක්‍රියාකාරීත්වය යි.”
    • උදා :- ජීවීන්ගේ චලන සිදුවන්නේ උද්දීප්‍යතාවයේ හා සමායෝජනයේ ප්‍රතිඵලයක් ලෙසට ය. සතුන්ගේ මෙම ක්‍රියාව පේෂි, ස්නායු, අන්තරාසර්ග හා අස්ථි පද්ධති වල සමායෝජනයෙන් සිදු වේ.
  1. අනුවර්තනය
  • අනුවර්තනය යනු, “ජීවියෙකු ජීවත් වන සුවිශේෂී පරිසරයට අනුකූලව එම ජීවියාග‍ේ පැවැත්ම සහ ප්‍රජනනයට අනුබල දෙන ව්‍යූහමය, කායකර්මීය හා චර්යාමය වෙනස්වීම් ය.”
    • උදා :-
      • ශුෂ්ක ශාක වල ගිළුණු පුටිකා
      • කඩොලාන ශාක වල ජලාබුජ ඵල
      • වේෂාන්තරය
      • උණුසුම් පරිසර වලදී වැඩිපුර ඩහදිය දැමීම
      • සිනිඳු වැලි වල එරීම වලක්වන ඔටුවාගේ පුළුල්ව විහිදුණු පාද

0004

  1. ප්‍රජනනය
  • ප්‍රජනනය යනු, “විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා නව ජනිතයන් බිහි කිරීමෙ හැකියාවයි.”
  • ප්‍රජනනය ප්‍රධාන ආකාර දෙකකි.
    • ලිංගික ප්‍රජනනය
    • අලිංගික ප්‍රජනනය
  1. ආවේණිය හා පරිණාමය
  • ජීවීන් සතු ජාන තුලින් ජීවීන්ගේ කායික විද්‍යාත්මක, රූප විද්‍යාත්මක හා චර්යාත්මක ලක්ෂණ පාලනය කරයි.
  • ආවේණිය යනු, “ජාන ඔස්සේ ජීවීන් සතු ලක්ෂණ එක් පරම්පරාවක සිත තවත් පරම්පරාවක් කරා ගමන් කිරීම යි.”
  • පරිණාමය යනු, “ප්‍රවේණික ද්‍රව්‍ය වල සිදුවන වෙනස්වීම් වලට අනුකුලව කාලයත් සමඟ ජීවීන්ට වෙනස් වීමට ඇති හැකියාව යි.”

ඉහතින් විස්තර කරන ලද ලක්ෂණ සියල්ලම පවතින්නේ ජීවීන් තුල පමණි. අජීවී ද්‍රව්‍ය තුල ඉහත ලක්ෂණ සියල්ලම නොවුනත් සමහර ලක්ෂණ පැවතිය හැක.

උදා :- සඵටික වර්ධනය, තරංග චලනය

මීළඟට ඔබ විසින් තවදුරටත් දැනගත යුතු වන්නේ අණුක මට්ටමේ සිට ජෛව ගෝලය දක්වා ජීවීන් විසින් පෙන්වන සංවිධානාත්මක බවයි. “ජෛව සංවිධානයේ ධූරාවලි මට්ටම්” පහත දක්වා ඇත.

  1. අණු
  2. ඉන්ද්‍රයිකා
  3. සෛල
  4. පටක
  5. අවයව
  6. අවයව පද්ධති
  7. ජීවියා
  8. ගහනය
  9. ප්‍රජාව
  10. පරිසර පද්ධතිය
  11. ජෛව ගෝලය

0005

  • මෙම සෑම මට්ටමක දී ම ව්‍යූහය හා කෘත්‍ය වෙනස් වන අතර සූක්ෂම ලෙස සමායෝජනයක් පවතියි.
  • මෙම සංවිධාන මට්ටම් ධූරාවලියෙහි දී ජීවීන්ගේ ව්‍යූහමය හා කෘත්‍යම ඒකකය වන්නේ සෛලය යි.
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s