ජීව විද්‍යාව, ජීව විද්‍යාව පුනරීක්ෂණ, බහුවරණ ප්‍රශ්න

ජීව විද්‍යාව පුනරීක්ෂණ – ජීවයේ රසායනික සහ සෛලීය පදනම (2)

Download PDF :- ජීව විද්‍යාව පුනරීක්ෂණ – ජීවයේ රසායනික සහ සෛලීය පදනම (2)

මෙම ප්‍රශ්න සඳහා මනසින් පිළිතුරු සැපයීමට උත්සහ කරන්න. මෙවා නැවතත් ඔබ විසින් ලිවීම අනවශ්‍ය කටයුත්තකි. (අවශ්‍යනම් ව්‍යූහගත රචනා ප්‍රශ්න පමණක්, ලියා සිදුකළ හැක.) ඔබ විසින් දැනටමත් මෙම කොටස් පාඩම් කර ඇත්නම් එම දැනුම මෙහිදී පරීක්ෂා කරගත හැක. එසේ නොමැති නම් පළමුව මෙහි දී ඇති ප්‍රශ්නය කියවා එයට අදාල පිළිතුර ඔබගේ සටහන් තුලින් සෙවිය හැක. මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු ප්‍රශ්න මාලාව අවසානයේ දක්වා ඇත.

1. ඇමයිනෝ අම්ල 20 සඳහා කේත කරනු ලබන DNA හි නියුක්ලියෝටයිඩ ත්‍රිත්ව සංඛ්‍යාව වනුයේ,

(1) 20

(2) 61

(3) 64

(4) 4

(5) 63

2. පෙප්ටයිඩ් බන්ධනයක් හටගන්නේ මින් කුමන කාණ්ඩ දෙකක් අතර ද?

(1) පොස්පේට් සහ කාබොක්සිල්

(2) කාබොක්සිල් සහ ඇමයිනො

(3) ඇල්කොහොල් සහ ඇල්ඩිහයිඩ්

(4) ඇල්ඩිහයිඩ් සහ ඇමයිනො

(5) ඇල්කොහොල සහ ඇමයිනො

3. DNA හි පවතින GCT නියුක්ලියෝටයිඩ ත්‍රිත්වය සඳහා අනුරූපී වන tRNA හි භෂ්ම අනුපිළිවෙල වන්නේ,

(1) GCT

(2) CGA

(3) UGC

(4) GCU

(5) GCT

4. සියළුම ප්‍රාග් න්‍යෂ්ටික සෛල තුල දක්නට ලැබෙන්නේ,

(1) රයිබොසෝම සහ මයිටොකොන්ඩ්‍රියා

(2) ප්ලාස්මා පටලය සහ රික්තක

(3) ප්ලාස්මා පටලය සහ න්‍යෂ්ටික පටලය

(4) ප්ලාස්මා පටලය සහ රයිබොසෝම

(5) රික්තක සහ වර්ණදේහ

5. පහත ප්‍රකාශ වලින් සෙලියුලෝස් පිළීබඳව සත්‍ය නොවන්නේ කුමක් ද?

(1) එය පෘථිවියේ වඩාත් බහුල කාබෝහයිඩ්‍රේටය යි.

(2) ඇමයිලේස් මඟින් ජල විච්ඡේදනය කළ නොහැකි නිසා එය පිෂ්ටයෙන් වෙනස් වේ.

(3) එය අතිශයින් ශාඛනය වූ ග්ලූකෝස් වල බහුඅවයවකය කි.

(4) මෙහි බන්ධන ජල විච්ඡේදනය කළ හැකි එන්සයිම ඇත්තේ ජීවීන් කාණ්ඩ කිහිපයකට පමණි.

(5) මෙහි දිග අණු බැඳීමෙන් තන්තු සෑදී ඇත.

6. ප්‍රෝටීන දුස්ස්වාභාවීකරණයේ දී එහි,

(1) ප්‍රාථමික ව්‍යූහය වෙනස් වේ.

(2) ද්විතියික සහ තෘතීයික ව්‍යූහ වෙනස් වේ.

(3) ජල ද්‍රාව්‍ය තත්ත්වයට පත් වේ.

(4) පෙප්ටයිඩ බන්ධන බිඳ වැටේ.

(5) ඩයිසල්ෆයිඩ් බන්ධන බිඳ වැටේ.

7. මයිටොකොන්ඩ්‍රියා,

(1) උපස්තර පොස්පොරයිලීකරණයෙන් ATP සංස්ලේෂණය කරයි.

(2) 70S රයිබොසෝම මෙන්ම 80S රයිබොසෝම ද දරයි.

(3) සියලු සෛලීය අවශ්‍යතා සඳහා ATP සපය යි.

(4) අභ්‍යන්තර පටලයට සම්බන්ධ වූ ATP සංස්ලේෂක එන්සයිම දරයි.

(5) ජාන රහිත DNA දරයි.

8. එන්සයිම,

(1) ප්‍රෝටීන හා ප්‍රෝටීන නොවන කොටස් දරයි.

(2) අඩු උෂ්ණත්ව වලදී දුස්ස්වාභාවීකරණය වේ.

(3) ඒවායේ ප්‍රතික්‍රියාවල ඵල අනුව නම් කෙරේ.

(4) සෛලයක සෛල සොලයේ නිදහස්ව චලනය වේ.

(5) සෛලයේ ගෝල්ගි සංකීර්ණය තුල සංස්ලේෂණය වේ.

9. උනනයේ ප්‍රාක්කලාව I දී සිදු නොවන්නේ පහත සඳහන් කවර සිදුවීම ද?

(1) සෑම වර්ණදේහයක් ම ද්විගුණනය වී වර්ණදේහාංශ දෙකක් බැගින් ඇති කිරීම.

(2) වර්ණදේහ ඝන හා කෙටි වීම.

(3) සමජාත වර්ණදේහ ආකර්ෂණය වීම හා විකර්ෂණය වීම.

(4) සමජාත වර්ණදේහ වල කොටස් හුවමාරු වීම.

(5) තර්කු තන්තු සෙන්ට්‍රොමියර වල කයිනටකෝර සමඟ සම්බන්ධ වීම.

10. අපවෘත්තියට ලාක්ෂණික වන පථ වලදී,

(1) සරල අණු සංයෝජනය වී වඩා සංකීර්ණ හා දිග අණු ඇති කරයි.

(2) සංකීර්ණ අණු සරල අණු බවට පත් කරන තාප අවශෝෂක ප්‍රතික්‍රියා සිදුවේ.

(3) එන්සයිම රහිතව ස්වයංසිද්ධව සිදුවන ප්‍රතික්‍රියා බොහෝමයක් සිදු වේ.

(4) ATP සංස්ලේෂණය හා බැඳුනු ප්‍රතික්‍රියා සිදු වේ.

(5) සංකීර්ණ අණු බිඳවැටීමෙන් ශක්තිය තාපය ලෙස මුදාහරින ප්‍රතික්‍රියා සිදු වේ.

11. පහත සඳහන් පද අතරින් උචිත ඒවා තෝරාගෙන ඒවා දැක්වීම සඳහා දී ඇති අකුරු (A – O) යොදාගනිමින් මෙහි ඇති වගුව සම්පූර්ණ කරන්න. එක් ස්ථානයක අකුරු එකක් හෝ කිහිපයක් ලිවිය හැකි ය.

0001.png

(A) පටල සංඝටක

(B) ග්ලයිකොසිඩික් බන්ධන

(C) ප්‍රෝටීන සංස්ලේෂණය

(D) නියුක්ලියෝටයිඩ

(E) ශ්වසන උපස්තර

(F) හෝමෝන

(G) ග්ලූකෝස්

(H) N භෂ්ම

(I) ශක්තිය සංචිත කිරීම

(J) මොනොසැකරයිඩ

(K) පෙප්ටයිඩ බන්ධන

(L) පරිවහනය

(M) H බන්ධන

(N) සෛල බිත්ති

(O) තොරතුරු සංචිත කිරීම

12. පහත දී ඇති පද අතරින් සුදුසු ඒවා තෝරාගෙන මෙහි දී ඇති අර්ථදැක්වීම් සම්පූර්ණ කරන්න.

(සහ සාධක, සක්‍රියන ශක්තිය, සංවෘත්තිය, ප්‍රතික්‍රියා ශක්තිය, පරිවෘත්තිය, තරඟකාරී නිශේධක, සංලග්න කාණ්ඩ, තරඟකාරී නොවන නිශේධක, සහ එන්සයිම, සක්‍රියන ශක්තිය)

  1. ………….. යනු සෛලයක සියළුම රසායනික ප්‍රතික්‍රියා වල එකතුවයි.
  2. ………….. යනු එන්සයිම ප්‍රතික්‍රියා වේගවත් කරන අකාබනික අයන යි.
  3. ………….. යනු සමහර එන්සයිම ප්‍රතික්‍රියා සඳහා අවශ්‍ය වන, ප්‍රෝටීන නොවන, උපස්තරයක් ලෙස ක්‍රියා නොකරන අකාබනික අණු යි.
  4. ………….. යනු උපස්තර අණු සංක්‍රාමී අවස්ථාවට පත්වීම සඳහා එවා මඟින් අවශෝෂනය කරගත යුතු ශක්තිය යි.
  5. ………….. එන්සයිමයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය, එන්සයිමයේ කොටසක් ලෙස ඇති ප්‍රෝටීන නොවන කොටස් ය.

පිළිතුරු

1. (2)

2. (2)

3. (4)

4. (4)

5. (3)

6. (2)

7. (4)

8. (1)

9. (1)

10. (4)

11.

0003.png

12.

  1. පරිවෘත්තිය
  2. එන්සයිම සක්‍රියක
  3. සහඑන්සයිම
  4. සක්‍රියන ශක්තිය
  5. සංලග්න කාණ්ඩ
Advertisements

2 thoughts on “ජීව විද්‍යාව පුනරීක්ෂණ – ජීවයේ රසායනික සහ සෛලීය පදනම (2)”

  1. My daughter is doing her a/l in english medium . It will be a grate help if you can publish these post in english medium.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s