කාබනික රසායනය, රසායන විද්‍යාව

කාබනික රසායනය 3 – කාබනික සංයෝග නාමකරණය 1

උසස් පෙළ විෂය නිර්දේශය යටතේ කාබනික සංයෝග නාමකරණය සඳහා අප ඉගෙනගනු ලබන්නේ “ඇලිෆැටික කාබනික සංයෝග නාමකරණය” යි. ශුද්ධ හා ව්‍යවහාර රසායන විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික සංගමය (International Union of Pure and Applied Chemistry – IUPAC) විසින් කාබනික සංයෝග නාමකරණය කිරීමේ ක්‍රමානුකූල ක්‍රමයක් ඉදිරිපත් කර ඇත.

අපි උදාහරණයක් සලකා බලමු. පහත දැක්වෙන්නේ කාබනික සංයෝග නාමකරණය සඳහා උදාහරණයකි.

0001.png
3-methylpentanoic acid

මෙම නාමය පැහැදිලි කිරීමට ප්‍රථම තවත් දෙයක් කිව යුතු ය. මෙම සංයෝගයේ ව්‍යූහය ඇඳ ඇත්තේ එක්තරා සම්මත ආකාරයකට ය. එහි කාබන් දාමයේ මැද පවතින කාබන් පරමාණු හා හයිඩ්‍රජන් පරමාණු පෙන්වා නැත. උදාහරණයක් ලෙස CodeCogsEqn (5).gif යන ව්‍යූහය පහත පරිදි ඇඳ දැක්විය හැක.

0002.png

මෙහිදී ඇඳ දැක්වෙන සෑම මුල්ලකින්ම නිරූපණය වන්නේ කාබන් පරමාණුවකි. එම කාබන් පරමාණුවට බැඳී ඇති හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව කාබන් හි පෙන්වා ඇති බන්ධන ගණන, 4 න් අඩු කිරීමෙන් සිතා ගත යුතුය. එනම් ව්‍යූහයේ කාබන් සමඟ බන්ධන 3 ක් පෙන්වා ඇත්නම් එම කාබන් පරමාණුවට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණු ගණන වන්නේ 1 කි. එම හයිඩ්‍රජන් පරමාණුව ව්‍යූහයේ ඇඳ නොපෙන්වයි. කාබන් සමඟ බන්ධන 2 ක් පෙන්වා ඇත්නම් එම කාබන් පරමාණුවට බැඳී පවතින හයිඩ්‍රජන් පරමාණු ගණන 2 කි. එම හයිඩ්‍රජන් පරමාණු දෙක පෙන්වන්නේ නැත.

මෙම පාඩම් නිර්මාණය කිරීමේ පහසුව තකා ඉදිරියේදී කාබනික සංයෝග වල ව්‍යූහ ඇඳ දැක්වීම සඳහා මෙම සම්මත ආකාරය භාවිතා වනු ඇත‍.

නැවතත් අපගේ පාඩමට යොමුවෙමු. කාබනික සංයෝග නාමකරණය සඳහා මුලින් දී ඇති උදාහරණයෙන් අප බලාපොරොත්තු වන්නේ කාබනික සංයෝග සඳහා වන IUPAC නාමයේ කොටස් මොනවාදැයි ඔබට ඉදිරිපත් කිරීමට යි. කාබනික සංයෝගයක IUPAC නාමයෙහි පහත කොටස් අඩංගු වේ.

0001.png

  1. ව්‍යූහයෙහි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය දැක්වීමට යොදනු ලබන ප්‍රත්‍යය (oic acid)
  2. සංයෝගයේ ප්‍රධාන කාබන් දාමය හඳුනා ගැනීමට යොදන සැකිල්ලේ නාමය (pentan)
  3. ආදේශ කාණ්ඩ දැක්වීමට යොදනු ලබන උපසර්ග (methyl)
  4. ආදේශ කාණ්ඩ, අතිරේක කාණ්ඩ සහ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය දාමයට සම්බන්ධ වී තිබෙන ස්ථානය දැක්වීමට යොදනු ලබන අංක (3)

මෙම කොටස් වලින් යුතු IUPAC නාමකරණය පුරුදු වීම කල් වේලා ගෙන කළ යුතු කටයුත්තකි. එම නිසා කාබනික සංයෝග නාමකරණය වඩාත් විස්තර සහිතව පාඩම් කිහිපයක් ඔස්සේ ඔබට ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙලෙස කාබනික සංයෝග නාමකරණය ප්‍රගුණ කිරීම සඳහා එය යම් අනුපිළිවෙලක් ඔස්සේ ඉගෙන ගැනීම වඩා වැදගත් වේ. එම අනුපිළිවෙල පහත පරිදි වේ.

  1. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හඳුනාගැනීම
  2. ප්‍රධාන දාමය තේරීම
  3. ප්‍රධාන දාමයට යොදන නාම මූලය තේරීම
  4. ප්‍රධාන දාමයේ අඩංගු ද්විත්ව/ත්‍රිත්ව බන්ධන දැක්වෙන ප්‍රත්‍ය, දාමයෙහි නාමයට එකතු කිරීම
  5. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය දැක්වීමට යොදන ප්‍රත්‍යය දාමයෙහි නාමයට එකතු කිරීම
  6. ආදේශ කාණ්ඩ නම් කිරීම
  7. ආදේශ කාණ්ඩවල නාම දාමයේ නමට එකතු කිරීම
  8. කාබන් දාමය අංකනය කිරීම
  9. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ හා ආදේශ කාණ්ඩ වල පිහිටුම දැක්වීමට යොදන අංක එම කාණ්ඩ ඉදිරියෙන් ලිවීම

මෙම අනුපිළිවෙල ඉදිරි ලිපි වලදී අපි ටිකෙන් ටික පුහුණු කරමු. මෙහි පළමු කුසලතාවය වන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හඳුනාගැනීමයි. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හඳුනාගැනීමට ප්‍රථම ව්‍යූහයක පවතින ක්‍රියාකාරී කාණ්ඩ මොනවාදැයි දුටු සැනින් ඔබට හඳුනාගත හැකි විය යුතු ය. මේ සඳහා අභ්‍යාසයක් පහත දක්වා ඇත. එය වෙනම පොතක ලියා සිදුකරන්න. (මෙම පාඩම් මාලාවේ අභ්‍යාස සිදුකිරීම සඳහා ඔබ වෙනම පොතක් තබාගන්න. එය CR ප්‍රමාණයේ පොතක් නම් වඩාත් සුදුසු ය.) ලබන සතියේ දී අපි කාබනික සංයෝග නාමකරණය තවදුරටත් ඉදිරියට හදාරමු.

අභ්‍යාසය 1

පහත දැක්වෙන සංයෝග වල පවතින ක්‍රියාකාරී කාණ්ඩ මොනවාදැයි සඳහන් කරන්න. ඔබ විසින් හඳුනාගත යුතු ක්‍රියාකාරී කාණ්ඩ වරහන් තුල දක්වා ඇත. අවශ්‍යනම් “කාබනික රසායනය – 2” ලිපිය පරිශීලනය කරන්න. ගැටළු ඇත්නම් ඉදිරිපත් කරන්න.

(කාබොක්සිලික් අම්ල, එස්ටර, ඊතර, ඇමයිඩ, නයිට්‍රයිල, ඇල්ඩිහයිඩ, කීටෝන, ඇල්කොහොල, ඇමීන, ඇල්කයින, ඇල්කීන)

0011 (2).jpg

PDF ලෙස ඩවුන්ලෝඩ් කරගන්න : කාබනික රසායනය 3 – කාබනික සංයෝග නාමකරණය 1

Advertisements

1 thought on “කාබනික රසායනය 3 – කාබනික සංයෝග නාමකරණය 1”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s