කාබනික රසායනය, රසායන විද්‍යාව

කාබනික රසායනය 1 – හැඳින්වීම

19 වන ශතවර්ෂයට පෙර බොහෝ විද්‍යාඥයින්ගේ අදහස වී තිබුනේ කාබනික සංයෝග (කාබනික යන්නෙහි අර්ථගැනිවීම වන්නේ ජීවීය යන්නයි) යම් ජීවී බලයක් කැටිකොටගත් යමක් බවයි. එබැවින් ඒ පිළිබඳව අධ්‍යනය රසායනික වශයෙන් සිදු වූයේ නැත. නමුත් 19 සියවස මුල් භාගයේ දී කාබනික සංයෝග පිළිබඳව අධ්‍යනය ආරම්භ වන ලදී.  1816 දී මයිකල් චෙවුරල් විසින් සබන් වල පවතින ලිපිඩ හා ඇල්කයිල නිරාවරණය කරගැනීම එයට උදාහරණයක් වශයෙන් දැක්විය හැක. නමුත් කාබනික සංයෝග සංස්ලේෂණය වෙනත් කාබනික සංයෝගයකින් විනා සිදු කළ නොහැකි බවට එකල ප්‍රබල මතයක් ඉදිරිපත් වී තිබිිණි. නමුත් 1828 දී ෆෙඩ්‍රික් ව්‍යුලර් විසින් පොටෑසියම් සයනේට් (CodeCogsEqn (5)) හා ඇමෝනියම් සල්ෆේට් (CodeCogsEqn (5).gif) භාවිතා කර යූරියා (CodeCogsEqn (5)) සංස්ලේෂණය කිරීම මඟින් එම මතය වැරදි බව සනාත විය. මින් අනතුරුව කාබනික සංයෝග පිළිබඳ අධ්‍යනය ලොව පුරා විශාල වශයෙන් සිදු කෙරුනු අතර අද දින වන විට එදිනෙදා ජීවිතයේ දී නැතිවම බැරි නිෂ්පාදන බවට කාබනික සංයෝග පරිවර්තනය වී ඇත.

0001

එදිනෙදා ජීවිතයේ දී අපට හමුවන කාබනික සංයෝග රාශියකි. ප්‍රධාන වශයෙන් ආහාර, කෘෂිකාර්මික ද්‍රව්‍ය, ඖෂධ, තීන්ත‍, රූපලාවන්‍ය ද්‍රව්‍ය හා විවිධ බහුඅවයවක ඒවාට උදාහරණ වේ. මීට අමතරව වෙනත් කාබනික සංයෝග විශාල සංඛ්‍යාවක් එදිනෙදා ජීවිතයේ දී අප විසින් භාවීතා වේ.

මෙතරම් විශාල කාබනික සංයෝග ප්‍රමාණයක් පැවතීමට හේතුව කුමක් ද?

මෙම ප්‍රශ්නයට පිළිතුර නම් සොයගත හැක්කේ එහි සංයුතියෙන් පමණි. කාබනික රසායනය හරිනම් ඉංග්‍රීසි බසින් Carbonic Chemistry විය යුතු ය. නමුත් අප පවසන්නේ Organic Chemistry වශයෙනි. Organic යන්නෙහි සිංහල අර්ථය වන්නේ ජීවීය යන්නයි. එනම් කාබනික රාසයනය මුල් කාලයේ දී ආරම්භ කෙරෙන ලද්දේ ජීවි ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යනයක් ලෙස ය. ජීවි ද්‍රව්‍ය කාබන් මූලික කරගත් සංයෝග වලින් සමන්විත බව ආරම්භයේ දී දැන සිටියේ නැත.

කෙසේ හෝ විද්‍යාඥයින් විසින් කාලයක් සමඟ මෙම ජීවි ද්‍රව්‍ය සතුව පවතින විශේෂ මූලද්‍රව්‍යයක් පිළිබඳව අනාවරණ කරගන්නා ලදී. එනම් අන් කිසිවක් නොව කාබන් (C) ය. කාබනික සංයෝග වල පදනම වන්නේ කාබන් මූලද්‍රව්‍ය යි. මේ නිසාම කාබනික සංයෝග වල පවතින මෙම බහුලතාව හා විවිධත්වය සඳහා හේතු වන්නේ ද කාබන් වල පවතින විශේෂිත ගුණාංග කිහිපයකි. ඒ මොනවාදැයි විමසා බලමු.

1. කාබන් පරමාණු දෙකක් අතර ප්‍රබල ඒක බන්ධන, ද්විත්ව බන්ධන හා ත්‍රිත්ව බන්ධන ඇති විය හැකි වීම.

කාබන් යනු හතරවන කාණ්ඩයේ මූලද්‍රව්‍යය කි. කාබන් පරමාණු දෙකක් අතර ප්‍රබල C-C, C=C හා C≡C බන්ධන ඇතිවිය හැක.

හතරවන කාණ්ඩයේ මීළඟට පවතින මූලද්‍රව්‍යය වන සිලිකන් වලට සාපේක්ෂව කාබන් සාදන C-C, C=C, C≡C හා C-H බන්ධන වඩා ඉහල බන්ධන ශක්තීන්ගෙන් යුතු වේ. පහත වගුව බලන්න.

0001

2. කාබන් වලට පරමාණු දහස් ගණනකින් යුත් දාම සහ විවිධ ප්‍රමාණයේ චක්‍ර සෑදිය හැකි වීම.

0002

3. කාබන් පරමාණුවකට සහසංයුජ බන්ධන හතරක් සෑදිය හැකි වීම.

මේ නිසා කාබන් වලට විවිධ කාණ්ඩ රාශියක් සමඟ සම්බන්ධ විය හැකි අතර විශාල විවිධත්වයකින් යුතු සංයෝග පැවතීමට එය හේතුවක් වේ.

4. කාබන්, වෙනත් කාබන් පරමාණු සමඟ ද, හයිඩ්‍රජන් සමග ද, මෙන්ම ඔක්සිජන් (O), සල්ෆර් (S), පොස්පරස් (P), නයිට්‍රජන් (N) හා හැලජන (F, Cl, Br, I) වැනි වෙනත් අලෝහ සමග ද ශක්තිමත් සහසංයුජ බන්ධන සෑදීම.

0002

කාබනික සංයෝග වල මෙතරම් විවිධත්වයක් පවතින්නේ කාබන් වල පවතින මෙම ගුණාංග නිසා ය. මෙවැනි විවිධත්වයකින් යුතු වූ කාබනික සංයෝග පිළිබඳව උසස් පෙළ විෂය නිර්දේශය යටතේ විස්තරාත්මකව අධ්‍යනය කෙරේ. ඒවා පිළිබඳ ඉදිරියේ ඔබ විසින් ඉගෙන ගනු ඇත. ලබන සතියේදී අළුත් පාඩමකින් හමු වෙමු.

PDF ලෙස ඩවුන්ලෝඩ් කරගන්න: කාබනික රසායනය 1 – හැඳින්වීම

Advertisements

1 thought on “කාබනික රසායනය 1 – හැඳින්වීම”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s